Advertisement

රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ලිපියක් අත්සන් එක් කරමින් සිටිති.

දැනට එම ලිපියට ලැබී ඇති අත්සන් සංඛ්‍යාව 70 ඉක්මවා ඇති බව වාර්තාවෙයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ද මේ සඳහා අත්සන් තබා ඇති බව දැනගන්නට ඇත.

මෙවර විශේෂත්වය වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා පෙනී නොසිටින තත්වයක්ද ඇතිවී තිබීමයි.කෙසේ වෙතත් කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත්තේ තමන් විපක්ෂ නායකයා කවුදැයි තීරණය කරන්නේ කලින් පූර්වාදර්ශ මත නිසා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නායකයා ලෙස විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවයි.


එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් නොවුන හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් තීරණය කර සිටිති.

එජාප නායකයා වෙනස් නොවුණොත් මන්ත්‍රීන් 12 ක් ඡන්ද වර්ජනයක

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී හිටපු රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු වෙන අතර එසේ නොමැතිව පක්ෂයේ ජයග්‍රහණයක් ලැබිය නොහැකි නිසා මේ තීන්දුව ගනු ලැබූ බවයි. 

වෙනත් පක්ෂයක් පිහිටුවීමට හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීමට අප 12 දෙනා බලාපොරොත්තු නොවන බව ද අශෝක් අබේසිංහ මහතා කීය. පක්ෂ නායකත්වය පිළිබඳව ලබන සතිය තුළදී අවසන් තීරණයකට එළඹිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය. 

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමද‌ාස මහතාට ලබා දෙන ලෙසට කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements