Advertisement

දුෂ්කර අවස්ථාවේ දී ජනාධිපතිවරණයට තරඟ වැද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීමට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.


එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට හසු නොවී බුද්ධිමත්ව වැඩ කිරීමට පක්ෂ නායකයන් පියවර ගත යුතුව ඇතැයි ද ඔහු පවසයි.

කෙසේ වෙතත් තමන් අත්සන් කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක තනතුරට පත් කිරීමට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ සලකා බැලිය යුත්තේ පසුව බවත් ඔහු කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements