Advertisement

ප‍්‍රධාන අපේක්ෂකයින්ගේ දේශපාලන අරමුණු හා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන් පිළිබඳ හොඳින් අවධානය යොමුකර, එළඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කරන්නැයි ග්ලෝබල් ටැමිල් ෆෝරම් හෙවත්, ගෝලීය දෙමළ සන්සදය උතුරු නැගෙනහිර ඇතුළුව ශ‍්‍රී ලංකාවේ වෙසෙන සමස්ථ දෙමළ ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දෙමළ සන්සදය පවසන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන්ගෙන් පොහොසත් බවයි.
ඒ තුළ දෙමළ ප‍්‍රජාවට වැදගත් වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය, බලය බෙදීම සහ ප‍්‍රතිසන්ධානය සඳහා කැපවීම මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ගිවිසුම් සහ යෝජනාවන්ට ගරුකිරීම වැනි කරුණු අන්තර්ගත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

එහෙත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකිරීම අතින් ශක්තිමත් වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් තුළ කටයුතු කිරීමේ කැපවීමක් ඒ තුළ දක්නට නොමැති බව ද එහි දැක්වෙනවා. 
දෙමළ ජනතාව මේ මොහොත්දී තීරණාත්මකව සිය ඡන්දය භාවිත කළ යුතු බවත්, එසේ නොවුනහොත් ගොඩනැගී ඇති නිදහස සීමාවී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, ගෝලීය දෙමළ සන්සදය පෙන්වා දෙනවා. 

ඒ අනුව ඉදිරි දේශපාලන දිශානතිය පිළිබඳ අවධානය යොමු කර සියලු දෙමළ ජනතාව සිය ඡන්ද ප‍්‍රකාශ කළ යුතු බවයි ගෝලීය දෙමළ සන්සදය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements