Advertisement

රජය විසින් පසුගිය පළවෙනිදා සිට ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද නිසා ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියි.

එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 25-35 අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි.
එවන් වාහනයක විකුණුම් මිල රුපියල් ලක්ෂ 60-70 ත් අතර විය හැකි බවද ඒ මහතා සඳහන් කලේය.

නව බද්ද හේතුවෙන් යුරෝපීය වාහන වල මිල ද විශාල ලෙස වැඩි වන බව ඔහු පැවසීය.

කලින් මෙම සුපිරි බද්ද අය කරන ලද්දේ එන්ජින් ධාරිතාව 1800 ඉක්මවන වාහන සදහා පමණක් බව ද ඔහු කියා සිටියේය.

වාහන ගෙන්වීමේදී පණවා තිබු නිෂ්පාදන බද්දට අමතරව එහි වටිනාකම අනුව මෙම බද්ද අයකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements