Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 10දෙනෙකු ඊයේ පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලම රාජපක්ෂවරයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබල මන්ත්‍රීවරයෙකු සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

ඔවුන් සමග පැවැති තුන්වැනි සාකච්චාව මෙය වන අතර එහිදී සහතික කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුව පිහිටුවීම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි.

කෙසේ වෙතත් කිසිවෙකු එජාපය අතහැර පොදුජන පෙරමුණට එක් නොවන බවද දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩිපුරම මුදල් වියදම් කරන්නේ කැසිනෝ සූදු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෙකු යැයි ද ඔවුන් සඳහන් කර ඇත. එමෙන්ම කොළඹ පෝර්ට් සිටිය චීනයට අයට පවරා දීමේදී එජාපයේ ජාතික ලයිස්තු ඇමතිවරයෙකු විසින් උපයා ගන්නා ලද සුවිශාල ධනය සම්බන්ධයෙන් විශේෂ වාර්තා කිහිපයක් ද ඔවුන් විසින් රාජපක්ෂ වරයා අතට පත් කර ඇති බව විශ්වාසය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම මන්ත්‍රීවරුන් දසදෙනා පොදුජන පෙරමුණට එක් පක්ෂයක් ලෙස එක් එක් වීමට නොව එක්සත් ජාතික පක්ෂයේ ම හිඳිමින් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය දෙන බව පවසා ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් හොරු එළවා දමා පක්ෂය සුද්ධ කර ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර තිබේ.

මෙම පිරිස කැඳවාගෙන ඒම සඳහා ප්‍රධාන වශයෙන්ම සම්බන්ධීකරණ කටයුත්ත සිදුකර ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements