Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජජක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් නැවතත් ශ්‍රීලනිපය රාජපක්ෂකරණයට ලක්වන බැවින් ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුව පරාජයට පත් කිරීම ශ්‍රීලනිප සාමාජිකයන්ගේ වගකීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති 'අපි ශ්‍රී ලංකා' සමුළුව අමතමිනි.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන බැවින් බුද්ධිමත්ව කල්පනා කර ඡන්දය භාවිතා කරන්නැයි වෙල්ගම මහතා ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු ඒ සම්බන්ධයෙන් පැවසුවේ 'අපේ පක්ෂය ආරක්ෂා කළ යුතු නම් හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. තමුන්නාන්සේලා කවුරුත් දන්නවා කරන්න ඕන දේ' යනුවෙනි.
ගෝඨාභය පරාජය කළයුතු බව පවසන වෙල්ගම මහතා ඒ සඳහා ඡන්දය දියයුත්තේ කාටදැයි නොකියා සිටීමට තරම් පරෙස්සම් විය.

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසින් මෙම සමුළුව කැඳවා තිබූ අතර ඒ් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි. සමුළුව සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්ව සිටි අතර හිටපු ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගි වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements