Advertisement

ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ ඊයේ (05) පැවැත්වූ සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීයි.

සමුළුවට සහභාගී වූ සංවිධායකවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටයි එහිදී එකඟ වී ඇත්තේ. ඔවුන් වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 
කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී කිසිඳු තීරණයක් ගෙන නැහැ. මීට පෙර වාර්තා පළවී තිබුණේ මෙම සාකච්ඡාවේදි හිටපු ජනාධිපතිනියට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු කියා සිටියේ "දැනට සිටින සංවිධායකවරුන් වෙනුවට පත් කෙරෙන වැඩබලන සංවිධායකවරුන් හරහා මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යනවා." යනුවෙනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගෙන තිබේද යන්නයි. 

ඊට පිළිතුරු දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේ "නෑ.. එහෙම කතා කළේ නෑ. එච්චර ගනන් ගන්න දෙයක් නෑ.. ඒ තිබුණේ අර එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය ආපු උත්සවයක් නේ. රාජිතලත් එක්ක නම්...ඒ යූ.ඇන්.පී. එකත් එක්ක නම් ශ්‍රීලනිපය සුරකින්න යන්නේ.. එහෙනම් දෙයියන්ගෙම පිහිට තමයි." යනුවෙනි. 

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තවදුරටත් ශක්තිමත්ව කටයුතු කිරීමට ද ඊයේ රාති‍්‍රයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා. පක්ෂයක් ලෙස වෙනම රැස්වීම් මාලාවක් පැවැත්වීමටයි නිදහස් පක්ෂය එහිදී තීරණයකට එළඹ ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements