Featured News

Video Gossip

Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.

ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය. 

ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

කුමාරසිංහ සිරිසේන මහතාගේ සභාපති තනතුර ආරක්ෂා කරදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අප මීට පෙර ද වාර්තා කළේය.

කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය සඳහා සුදුසුකම් හා පළපුරුද්ද සහිත පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කර ඇති අතර ඒ පිළිබඳව සොය බලන්නැයි රාජ්‍ය ආයතන ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුව ද දැනුවත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements