Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම නායකත්වය 2023 වසර දක්වාම එම පක්ෂයට ලබා දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය පත් කිරීමට නියමිතව ඇත්තේ වසර පහකට වතාවකි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනා සම්මත කිරීමෙන් පසු පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහා සම්මේලනය ද සම්මත කර ඇත.

පසුගිය ඔක්තෝබර් මස 3 වැනි දින කොළඹ දී පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස වසර පහක කාලයක් සඳහා පත්කර තිබේ.

ඒ නිසා වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා නොවුණහොත් ඔහු ධුරය අවසන් වන එකම ක්‍රමය වන්නේ ධුර කාලය අවසන් වීම පමණි.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය මෙහෙයවීම සඳහා සම නායකත්වයක් කරු ජයසූරිය මහතාට ලබා දීමේ සූදානමක් ඇති අතර අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම ද තීරණය කර ඇත.

මහ මැතිවරණයෙන් පසුව 2023 වසර දක්වාම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements