Featured News

Video Gossip

Advertisement

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 350 ක මුදලක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීමේ හෝ අවසන් කර නොමැති බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ජනතාවට නිවාස ඉදිකර දීමට විරුද්ධ නොමැති නමුත් එයින් නිවාස හිමියනුත් රටත් අපහසුතාවයට පත් වන්නේ නම් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තේරුමක් නොමැති බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්ක කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.

එම සාකච්ඡාවේදී හෙළි වී ඇත්තේ නිවාස අමාත්‍යංශය මගින් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් උදා ගම්මාන 337 ක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කර ඇත්තේ ඉන් ගම්මාන 84 ක් පමණි. 

2015 වසරේදී ගම්මාන 15 ක ඉදිකිරීම් ආරම්භකර ජනතා අයිතියට පත්කර ඇත. 2016 වසරේදී ගම්මාන 77 ක ඉදිකිරීම් ආරම්භ කර ඉන් 49 වැඩ අවසන් කර ඇති නමුත් 28 වැඩ අවසන් කර නොමැත. 2017 වසරේ ගම්මාන 50 ක් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 8 ක් පමණි. 42 ක වැඩ අවසන් කර නොමැත. 2018 වසරේදී ආරම්භ කර ඇති ගම්මාන 104 න් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 15 ක් පමණි. ගම්මාන 89 ක වැඩ අවසන් කර නොමැත. මෙම වැඩ අවසන් නොකළ ගම්මානවල වැඩ අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වසරින් වසර ආරම්භ කළ ගම්මානවල වැඩ අවසන් නොකර, අලුතින් තවත් ගම්මාන ඉදිකිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.


පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙක් බඳවා ගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු තොරතුරු සටහනක් නොමැත. දේශපාලන අවශ්‍යතා මත ග්‍රාමශක්ති නිලධාරීන් හරහා රුපියල් 20,000 බැගින් ණය මුදල් ලබා දී ඇති අතර ඒ පිළිබ‍ඳව කිසිඳු තොරුතුරක් හෝ එම ණය නැවත අයකර ගන්නා ආකාරය පිළිබඳව තොරතුරු නොමැත. බොහෝ ගැටළුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත්, නිරුත්තරවීමත් සිදුවිය. එමගින් රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිතා වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. 

නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා නිසි අවසරයකින් තොරව වන සංරක්ෂණ ප්‍රදේශ හෙළි කිරීම හා අලිමංකඩවල සහ වැව් රක්ෂිත ඉඩම් යොදාගෙන අවිධිමත් ලෙස නිවාස ගම්මාන ඉදිකර ඇති බවත්, ඒ සඳහා අදාළ ආයතනවලින් නිසි පරිදී අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් එම චෝදනා පිළිගන්නා ලදි. තවද නිවාස හිමිකම්ලාභීන්ගේ ඉඩම් අයිතිය නිසි ලෙස ජනතාවට ලබා දී නොමැති බවත්, ප්‍රතිලාභීන් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ණය ලබා දී නිවාස අඩක් ඉදිකරගෙන යන අතරතුර එම ණයලාභීන්ගෙන් නිවාස ලබාගෙන වෙනත් පාර්ශව වෙත ලබා දීම වැනි චෝදනා පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් මිලියන 480 ක් පමණ වැයවන බවත්, නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 350 ක් පමණක් බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් අනාවරණය විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements