රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත්වූ දෙදෙනා විසින් මේ වන විටත් තොරතුරු ගණනාවක්ම හෙළිකර ඇති බව වාර්තාවේ.
ඇතැම් කරුණු අතර පරස්පර නිසා ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඇති බවද දැනගන්නට ඇත.
පසුගිය ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර දී ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ මෙම දෙදෙනා මාධ්‍ය හමුවකට එක් විය.
එහිදී එක් අයෙකු කියා සිටියේ තමන් සුදුවෑන් රථයක රියදුරු බවත් අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් හත්දාහක් කොළඹට ගෙන ආවේ තමන් විසින් බවත්ය.

