Featured News

Video Gossip

Advertisement

පසුගිය අප්‍රේල් 21 වනදා ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කළ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දින 24කට පසු ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු බවට සහ මාකඳුරේ මධුෂ් නැමති පාතාල නායකයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු බවට තහවුරු වී ම මත 2019 මැයි 15වනදා පස්වරුවේ ගිනිඅවියක්ද සමග අත්අඩංගුවට ගනු ලැබූ පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාශයේ සංවිධායකවරයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන මොහොමඩ් රිස්වාන් නැමැත්තාගේ “රිස්වාන් පදනම” විසින් අද (22) පවත්වනු ලබන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තඅන් ලෙස බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ඩයස් මහතාට ආරාධනා කර ඇති අතර ඊට අමතරව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිනී මතුරට මහතාට, බස්නාහිර පළාත් දෙමළ මාධ්‍ය නියෝජ්‍ය අධ්‍යාපන එම්.ටී.එම් තව්සීර් මහතාටද ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

මීට අමතරව මෙහි බස්නාහිර පළාත් පාලන හා සංචාරක අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ සුමිත් පෙරේරා, මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු සැකකරුවෙකු ලෙස නම් කර සිටින, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මාබෝල නියෝජිතයා වන වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් නැමැත්තාද මෙහි ආරාධිතයන් ලෙස සහභාගී කරවාගෙන සිටිති. පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් නැමැත්තා මාබෝල ප්‍රදේශයේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලියක්ද පවත්වාගෙන ගොස් තිබිණි.

මොහොමඩ් රිස්වාන් නැමැත්තා පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු උසස් පොලිස් නිලධාරීන් සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතා පිළිබඳ තොරතුරු අනාවරණය වූ අතර අද මෙම උත්සයේ ඉදිරිපෙල අසුන්ගෙන සිටින බස්නාහිර උතුර භාරව සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිනී මතුරට මහතාගේ පරිහරණය සඳහා මෝටර්ථ ඇතුළු රථවාහන ත්‍යාග ලෙස ලබාදී තිබූ බවට එකල සමාජ මාධ්‍යන් හි වාර්තා පල විය.

මෙම උත්සවය සඳහා වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ්ගේ මැදිහත්වීමෙන් මාබෝලේ අල් අශ්රොෆ් මහා විද්‍යාලය ලබාදී ඇති අතර රටේ ප්‍රධානතම ත්‍රස්ත ප්‍රහාරයක ප්‍රධාන සැකකරුවෙක් ලෙස සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටින තැනැත්තෙකු සමග ඉහළ පොලිස් නිලධාරීන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම තුළින් පෙන්නුම් කරන්නේ මොවුන් ඉතාමත් කුළුපගව සිටින තැනැත්තන් බවය.

එම විදුහලේ විදුහල්පතිවරයාද මෙම උත්සවයේ පසුපසු අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබෙන නමුත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ඩයස් මහතා එහි දකින්නට නැත.

මොහොමඩ් රිස්වාන් නැමැත්තා අත්අඩංතුවට ගැනීමෙන් පසු ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට හෝ අපරා පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරනොදී වත්තල පොලිසියේ සැපපහසු බැරැක්කය දින ගණනාක් රඳවාගෙන සිටියේ ඔහුට අවශ්‍ය සියලුම සැපපහසුකම් ලබා දෙමිණි.

අද පවත්වන මෙම උත්සව තමන් අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඇප ලබාගන්නා තැන දක්වා තමන්ට පහසුකම් සැලසූවන්ට තව දුරටත් අල්ලස් දීමක බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements