Advertisement

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක ගමන් කරමින් සිටියදී අනතුරකින් මියගිය ඉන්දියානු ජාතිකයින් තිදෙනා කවුරුන්ද යන්න ගැන ඉන්දීය පුවත්පත් ඊයේ පළ කළ වාර්තා මගින් තහවුරු කර තිබෙන අතර එහිදී හෙළි වන්නේ එසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ සුප්‍රකට ගත්කතුවරයෙකු වන මහාචාර්ය ගංගා ප්‍රසාද් විමල් හා ඔහුගේ දියණිය හා මුණුපුරෙකු මෙම අනතුරින් මියගොස් ඇති බවයි. තුවාල ලබා ඇත්තේ එම මියගිය දියණියගේ සැමියා හා මිණිපිරියයි.

අනතුර සිදුවන අවස්ථාවේ 67 හැවිරිදි ශ්‍රී ලාංකික රියදුරු හා ඉන්දියානුවන් පස් දෙනෙකු මාතර සිට කොළඹ බලා යමින් සිටි අතර කන්ටේනර් ලොරි රථය කිලෝමීටර 25 ක වේගයෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී අනතුර සිදුවූයේ රියදුරුට නින්ද යාම නිසා බව සැක කෙරිණි. අනතුර නිසා එම රථයේ ගමන් කළ රියදුරුත් මහාචාර්යවරයාත් ඔහුගේ දියණිය හා මුණුපුරුත් මියගියා.

මහාචාර්යවරයාගේ දියණිය තනුප්‍රියා ෆයිගාල් හා ඇගේ 18 හැවිරිදි පුතු ෂෙරියාස් ෆයිගාල් මෙහිදී මියගිය අතර මහාචාර්යවරයාගේ දියණියගේ සැමියා හා 12 හැවිරිදි මිණිපිරිය මෙම අනතුරින් තුවාල ලබා ඇත.

මියගිය 67 හැවිරිදි රියදුරු ලක්ෂ්මන් කරුණාරත්න නමැත්තකුය. ඔහු නැසීගිය ප්‍රවීණ නිවේදක හේම නලින් කරුණාරත්නගේ වැඩිමල් සොයුරෙකු බවද පැවසිණි.
මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ මහාචාර්ය ගංගා ප්‍රසාද් විමල් එරට විශ්ව විද්‍යාලවල හින්දි භාෂා ආචාර්යවරයෙකු

ලෙස විශාල වැඩ කොටසක් කර ඇති අයෙකි. පංජාබ් විශ්ව විද්‍යාලයේත්, දිල්ලි විශ්ව විද්‍යාලයේත්, ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේත් දීර්ඝ කාලීන සේවාවක නියැළි ඔහු පර්යේෂණ කෘති රැසක හිමි කරුවෙකි. ඔහු අතින් රචනා වී ඇති කවි පොත් ගණන 11 කි. ප්‍රබන්ධ කතා පොත් 16 කි. හින්දි බසට පරිවර්ථනය කළ පොත් හා සංස්කරණයෙන් දායක වූ පොත් ගණන 30 කි. ඔහු එරට සාහිත්‍ය සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබූවෙකි.
මියගිය ගංගා ප්‍රසාද් විමල් මහාචාර්යවරයා වෙනුවෙන් ඉන්දීය ඇමති රමේෂ් පොක්නයාල් රජයේ ශෝකය පළ කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements