Advertisement

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ඉහළ යෑමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ සහල්, එළවළු, කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට දැනටමත් ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
පසුගිය රජය සමයේ ජනතාව මත පැටවූ බදු බර ඉවත් කිරීමට වත්මන් රජය බලයට පත් වූ වහාම කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි. එහෙත් විපක්ෂය විසින් රජයට ලැබෙන ජනතා ප්‍රසාදය වැලැක්වීම සඳහා විවිධ කුමන්ත්‍රන සිදු කරමින් සිටින බව ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

අක්‍රියව තිබූ වැටලීම්, මිල පාලන ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා පවා සෘජුව මැදිහත්ව සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බදු අඩුකළ නමුත් ඉන් කිසිදු වාසියක් තමන්ට ලැබී නොමැති බවයි. මේ වනවිට සහල් මිල සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements