හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම්දී තිබේ.
ජනාධිපතිවරණයට පෙර පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගන්නැයි දැනුම්දී ඇත.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර ඇත.
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් කර තිබූ පෙර ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදාය.

