Advertisement

2015ට පෙර පැවති රජය කාලයේ සුදු වෑන් සංස්කෘතියක් මෙරට තිබූ බවත් ඒවාට මුහුණදුන් පුද්ගලයන්, මුහුණ දුන් ආකාරය, ඒවා මෙහෙය වූ ආකාරය තමන් දන්නා බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවකට සිටි බලධාරීන් ඒවාට වගකිව යුතුව ඇතැයි ද ඔහු පවසයි.

සුදුවෑන් සම්බන්ධයෙන් තමන් හොඳින් දන්නා බවත් දැක ඇති බව පැවසූ ඔහු එහි පල විකා විපාක ද දන්නා බවද සඳහන් කළේය.

එමඟින් ඛේදවාචකයට ලක් වූ පිරිස් ගැන ද තමන් දන්නා බවද ඒ ගැන කිසිම සැකයක් නැතැයිද ඔහු පැවසුවේය.

නමුත් රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන ලද සුදු වෑන් රියදුරන් හෝ එකී සිදුවීම ගැන තමන්ද ඇසුවේ මුල් වතාවට බවත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ කොළඹදී පැවැති සත්‍යග්‍රහය අතරතුර දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements