Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනට ලබාදෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර පමණක් බවත් පක්ෂ නායකත්වය තවදුරටත් තමන් විසින්ම දරණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා පැවති එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසකගේ හමුවකදීය. 

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් වැඩ කර පෙන්විය යුතු බවත් ජාතික තලයෙහි දේශපාලන නායකයකු වශයෙන් ඔහුගේ කාර්ය සාධනය අනුව පක්ෂ නායකත්වය ඔහුට හිමිවන්නේද යන්න තීරණය වනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු තමන් එජාපය වසර 25ක් තිස්සේ රැකගත් බව සිහිපත් කර ඇති වික්‍රමසිංහ මහතා එය නාස්ති වීමට ඉඩ දිය නොහැකි බවත් ඊළඟ නායකත්වය ලබාගැනීමට නම් ඒ වගකීම දැරීමට අදාළ හැකියාව ඔහු ඔප්පු කර පෙන්විය යුතු බවත් අවධාරණය කර ඇති බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements