Advertisement

රාජ්‍ය ආයතන සඳහා නව සභාපතිවරු, අධ්‍යක්ෂවරු පත්කිරීමේ වැඩපිළිවෙළට අදාළව ස්වාධීන රුපවාහිනී සේවය සඳහා පත්කළ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ පත්වීම් ලිපිය ආපසු කැඳවා ඇති බව වාඑර්තා වෙයි.

විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා ලලිත් පියුම් පෙරේරා මහතා නම් කර තිබෙන අතර ඔහුට ඊට අදාළව පත්වීම් සකස් කර තිබී ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන ලලිත් පියුම් පෙරේරා මීට ඉහත තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 

මෙවර රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළ අතර ඊට නම් යෝජනා කිරීම මැති ඇමතිවරුන්ට භාර දෙන ලදී.

ඒ අනුව ලලිත් පියුම් පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙන අතර ඔහුට ස්වාධින රුපවාහිනී සේවය භාරදීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී කමිටුවට නාම යෝජනා භාරගෙන අවසන් වන එළඹෙන 18 වැනිදාට ප්‍රථම ලලිත් පියුම් පෙරේරා සමබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම නිසා එම පත්වීම නැවත හැරවීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements