Advertisement

කොළඹ නගර සභා ප‍්‍රදේශයේ තැන තැන කසල දමන පුද්ගලයන් හඳුනා ගැනීමට ආරක්ෂිත කැමරා සවි කිරීමට නගර සභාව තීරණය කර තිබේ.


කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ එසේ නගරයේ කසල බැහැර කරන්නන්ට විරුද්ධව අයකරන දඩය ඉහළ දැමීමට ද කටයුතු කරන බවයි.

එමෙන්ම නගරය පුරා තැන තැන අශෝබන ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ප‍්‍රචාරක පුවරු ඉවත් කිරීමටද කටයුතු කරන බවද ඇය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කර ඇති පවිත‍්‍රතා වැඩපිළිවෙළ අනුව කොළඹ නගරය පවිත‍්‍ර කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කළා ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements