සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් පුවත් පලවීමෙන් තම සේවාදායකයින් මහත් අපහසුතාවයකට මෙන්ම කැළඹීමකට පත්ව ඇතැයි සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා (16) දන්වා සිටියේය.
මෙම නඩුව කඩුවේල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවු අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් දිසානායක මහතා කියා සිටියේ බැංකු කළමනාකරු සිදුකළ වංචාවට සම්පත් බැංකුව සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවයි.
ජාත්‍යන්තර රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.
සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්
වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සම්පත් බැංකුවේ සිදු වූ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවකි
ඊට ගොදුරු වූ තැන්පත්කරුවෙකු වන ආයුර්වේද වෛද්‍ය ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයකු වන කැළුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
සම්පත් බැංකුවේ ඉහළ පෙළේ තනතුරු දරන පිරිසක් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බව රහස් පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බැංකුවේ සිදු කළ විගණනයකින් ද ඒ බව තහවුරු වී ඇත.
ප්‍රාදේශීය කළමනාකරුවෙකු හා තලාහේන ශාඛාවේ කළමනාකාරිනිය හා එක්ව සම්පත් බැංකුවේම කළමණාකරුවෙකු සිදු කර ඇති මෙම වංචාවේදී තැන්පත්කරුවන්ගේ චෙක්පත් හා මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා බැංකු අයිරා ලෙසින් වංචා සහගතව ගණනය කර ඇතැයි වාර්තා වේ.
අදාළ බැංකු කළමනාකරු සහ තවත් සැකකරුවෙකු කඩුවෙල මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවනු ලදුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම වංචාව හෙළි වීම වැලැක්වීම සඳහා සම්පත් බැංකුව මාධ්‍ය ආයතනවලට බලපෑම් කර ඇතැයි ද පැවසේ.

