Featured News

Video Gossip

Advertisement

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

පච නාටක අධ්‍යක්ෂණය කරමින් සිටි ඇමති රාජිත පරාජිත වී ගෙදර ගියාට පස්සේ ඒ රාජකාරිය දැන් භාර අරන් තිබෙන්නේ ස්විස් තානාපති. සුදු වෑන් නාටකයේ අළුත් ජවනිකාව කල එළි බහින්නේ ස්විස් තානාපතිගේ අධ්‍යක්ෂණයෙන්. තමන්ගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියාලු. එයාට දැන් හොඳටම අසනීපයිලු. වහාම මේ පිළිබඳ පරීක්ෂණ කරන්නලු. පැහැර ගත්තා කියන අයගේ නමක් ගමක් කියන්නේ නෑ. ඒ අයගෙන් ප්‍රකාශයක් ගන්න දෙන්නේ නෑ. හැබැයි වහාම පරීක්ෂණයක් කර වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නලු. මේක හරියට අත පය ගැට ගහලා වැවට දාලා දැන් ඉතින් පීනපන් කිව්වා වගේ වැඩක්.

ඊ ලඟ කාරණය තමයි මේ නිලධාරිනිය ලාංකික කතක්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතියේ 38(2) වගන්තිය අනුව ඇයට තානාපති මුක්තිය නෑ. ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා ආණ්ඩුව මිස ස්විස් තානාපති නොවේ.

අප දැක්කා ඊයේ රාජිත මන්ත්‍රීතුමන් මාධ්‍ය හමුවකට ඇවිත් කියනවා එම කාන්තාවගේ කටට පිස්තෝලයක් තියලා ප්‍රශ්ණ කළා කියලා. කාටවත් හමුවෙන්න බැරිවුණු කාන්තාවක් රාජිත මන්ත්‍රිතුමාට නං හමුවෙලා තියෙනවා. වෙඩි වැදී පණ පදින අයගෙන් පවා පොලිසිය ප්‍රකාශ ලබා ගන්නා අවස්ථා තිබෙනවා. ඇයට ප්‍රකාශයක් ලබා දීමට හැකි ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මිස දත් දොස්තර රාජිත නොවේ.

ලංකාවේ කාන්තාවක් තම තානාපති කාර්යාලය තුල රඳවා ගෙන ඉන්න ස්විස් තානාපතිට අයිතියක් නෑ. ඇයව බලහත්කාරයෙන් රඳවා ගෙන ඉන්නවා ද නැතිනම් ස්වෙච්ඡාවෙන් ඉන්නවා ද කියන එක අපි දන්නේ නෑ. ඇත්තටම සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්නේ ස්විස් තානාපති මිස ආණ්ඩුව නොවේ. මේක ජාත්‍යන්තර කරලියට අරන් ගිහිල්ලා වියානා සම්මුතිය උල්ලංඝනය කිරීම පිළිබඳ තානාපතිවරයාට එරෙහිව කටයුතු කරන්නට කලින් අපේ රටේ කාන්තාව අපට ලබාදෙන්න කියලා අප ස්විස් තානාපති තුමාට කියනවා

– අරවින්ද අතුකෝරල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements