Featured News

Video Gossip

Advertisement

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාල දිනවලදී ශාරීරික වශයෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව වාර්තා වෙයි.

කාන්තාව අවස්ථා දෙකකදී රහස් පොලිසිය විසින් වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මේ බව හෙලිව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය ගිලන් ගුවන් යානාවකින් විදේශ රටකට ගෙන යා යුතු මට්ටමේ කිසිදු රෝගාබිධයක් නැති බවද එහිදී හෙලිව ඇත.

මෑතකදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණේ මෙම කාන්තාව රෝගීතත්වයෙන් සිටින නිසා පවුල පිටින් ගිලන් ගුවන් රථයකින් ස්විට්සරලන්තයට ගෙන යාමටයි.

නමුත් විදේශ අමාත්‍යංශය කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුකූලව එම කටයුත්ත කළ නොහැකි බවත් ඊට පෙර ඇය එල්ල තරන චෝදනා සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවත්ය.

එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත.

කැලණියේ උපන්නියක වන ඇය දැන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ශ‍්‍රියාලතා පෙරේරා යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි.

මුල් කාලයේ සිංහල ජාතික කාන්තාවක් වූ ඇය පසුව නම වෙනස් කරගෙන මූලධර්මවාදී ආගමකට එක්ව ඇති බවද සදහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements