Advertisement

පසුගිය අප්‍රේල් 21, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තම සහෝදරිය සහ සහෝදරයා සිහිකරමින් මෙරට සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසුවෙකු ස්ටර්ලින් පවුම් 350,000ක් රැස්කර ඇතැයි වාර්තා වේ.

ඩේවිඩ් ලින්සි නැමති 22 හැවිරිදි තරුණ එංගලන්ත සිසුවෙකු මෙම මුදල රැස්කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් ලක්ෂ 827කි.

පාස්කු දින ප්‍රහාරයෙන් ඔහුගේ 19 හැවිරිදි සහෝදරයා වූ ඩැනියෙල් ද 15 හැවිරිදි සහෝදරිය වූ ඇමීලි ද ජීවිතක්ෂයට පත්විය.

තම සහෝදරයා සහ සහෝදරිය සිහිකරමින් ඩේවිඩ් ලින්සි, එංගලන්තයේ දී ඇමීලි සහ ඩැනියෙල් පදනම පිහිටුවා ඇති අතර එමඟින් මෙම අරමුදල් රැස්කිරීම සිදුකර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඩේවිඩ් ලින්සි සඳහන් කර ඇත්තේ, බෝම්බ ප්‍රහාරයෙන් පසු කොළඹ ජාතික රෝහල, රෝගීන්ගෙන් පිරී ගිය බවත් ප්‍රමාණවත් පහසුකම් තිබුණානම් ප්‍රතිඵලය මීට වඩා යහපත්වීමට ඉඩ තිබූ බවත් ය.

අප්‍රේල් 21 වැනිදායින් පසු ඩේවිඩ් අවස්ථා දෙකකදී නැවත මෙරටට පැමිණ ඇති අතර එහිදී මෙරට රෝහල් නවයකට රෝගීන් මාරුකරන ට්‍රොලි ඇඳන් සියයක් පරිත්‍යාගකර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements