Advertisement

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පැහැරගෙන ගියේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් අදාල කාන්තාවට රටින් බැහැර වීම වළක්වා ඇති බව නිල නොවන වාර්තා උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැයි පවසමින් විදේශගත කිරීමට උත්සාහ කරමින් සිටින නමුත් මේ වන තෙක් ඇය කිසිදු ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදී නැත.

නමුත් ස්විස් තානාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පමණක් පරීක්ෂණ පැවැත්වෙමින් ඇතත් අදාල පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගේ ප්‍රකාශයක් නොමැතිව පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිදුවූයේ කුමක්දැයි ස්ථිර පැවසීම සඳහා අදාළ කාන්තාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර එම තානාපති කාර්යාලය විසින් ලබාදුන් තොරතුරු අසත්‍ය බව විද්‍යාත්මක තොරතුරු මත පරීක්ෂණ කරන ලද පොලිස් කණ්ඩායම් විසින් දැනුම් දී ඇත්තේ වූ වාර්තාද සමඟයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements