Advertisement

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක හිඟයක් පවතින බවට වාර්තා වේ. මේ නිසා සාමාන්‍ය රාජකාරී වේලාවන් ගෙන් බැහැරව සේවයේ යෙදෙන පුද්ගලයින් සඳහා අතීකාල දීමනා ගෙවීමට මිලියන ගණන් වියදම් කිරීමට සිදුව තිබේ. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යොමු කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ. සංස්ථාවේ සාමාන්‍ය කටයුතු සිදු කිරීම සඳහා සේවකයින් 900 ක පමණ හි ඟයක් පවතින බව එම වාර්තාවෙන් හෙලිදරව් වී තිබේ!

අනුමත කාඩරයට අනුව 3248 දෙනෙකු සේවයට බඳවා ගත යුතුව පැවතියද, වර්තමානයේ සේවයේ නිරත වන්නේ 2375 දෙනෙකු පමණි. පසුගිය නොවැම්බර් මසදී පමණක් අතීකාල දීමනා සඳහා රුපියල් මිලියන 107.9 ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවට හෙලිවී ඇත. 

තවද, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කම්කරු හිඟය 760 ක් පමණ බව එම වාර්තාව හෙළි කරයි. මෙම තත්ත්වයට පිළියම් යොදන ලෙස විෂයභාර අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහල නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත.

ගණනයන් ට අනුව සංස්ථාවේ ශුද්ධ අලාභය 2018 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 82.7 සිට 104ක විචලනයක් පෙන්නුම් කරයි. 

2018 වර්ෂයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් ලීටර මිලියන 5,626.4 ක් විකුණා තිබූ අතර, එය 2017 දී විකුණන ලද ලීටර් මිලියන 5,591.8 ට සාපේක්ෂව 0.6% ක වර්ධනයකි. කෙසේ වෙතත්, 2018 මැයි මාසයේ සිට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සංස්ථාවේ මුළු ආදායම 16% කින් වැඩි වී තිබේ.

මේ අනුව බලන කළ, සංස්ථාවට සිදුව ඇති අලාභය පියවා ගැනීමට මිල සූත්‍රය ප්‍රමාණත් වී නොමැත. රජයේ හිඟ ණය නොලැබීම සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා ගැනීමට සිදුව ඇති බැංකු ණය ප්‍රමාණය අති විශාල ය. එය 2017 වර්ෂයේදී රුපියල් බිලියන 224ක් වූ අතර, වර්තමානය වන විට රුපියල් බිලියන 562ක් දක්වා ඉහල ගොස් ඇත. 

ඡවිනි අභයසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements