Advertisement

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඕනෑම මොහොතක ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නමුත් මෙය දේශපාලන දඩයමක් නම් එහි ප්‍රතිවිපාකය ආන්ඩුවට විදීමට සිදුවුණු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

තමනට එල්ල වන චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළ ඔහු තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ද පැවසීය.

වැරදි ප්‍රචාර කරමින් එකිනෙකාට වැරදි චෝදනා කරමින් ගෙන යන ව්‍යාපාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය විසින් අධිකරණ අවසරය ලබාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements