Advertisement

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත පසුගියදා (24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.

නීතිපති උපදෙස් මත ලබාගත් අධිකරණ වරෙන්තුව අනුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (25දා) කොළඹ සහ බේරුවල පිහිටි ඔහුගේ නිවෙස් වෙත ගොස් ඇතත් එම නිවෙස් වල හිටපු ඇමැතිවරයා සිට නැත.

නිවැසියන්ගෙන් සිදුකළ විමසීම්වලදීද රාජිත සේනාරත්න මහතා ආගිය අතක් පිළිබඳ නිශ්චිත තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම ව්‍යර්ථ වීම නිසා අදාළ නිලධාරීන් ආපසු පැමිණ තිබේ.

මේ අතර මාධ්‍ය මගින් චතුර සේනාරත්න මහතාගේ ජංගම දුරකථනය ඇමතීමේදී එයට පිළිතුරු දුන් පුද්ගලයකු පැවසුවේ චතුර සේනාරත්න මහතාගේ දුරකථනය තමන්ගේ දුරකථනයට සම්බන්ධ කර තිබෙන බවත් ඔහු සිටින්නේ කොහේදැයිද තමන් නොදන්නා බවත්ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25 දා) දිනය පුරා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා දරනු ලැබූ සියලූ උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.

මේ අතර ඔහු කිසියම් පුද්ගලික රෝහලක රැදී රහසිගතව සැගව සිටීදැයි යන්න ගැන විමර්ශනයක් පවත්වන බවද වාර්තාවේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට තුන්වැනි වරට ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයැදුම ලබන 30 වැනිදා සලකා බැලීමට නියමිතය.

චතුරත් අතුරුදහන්.. දුරකතනය වෙන කෙනෙකුට හරවලා.

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා නිවසින් අතුරුදහන්වී සිටි.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවාස දෙකකට ගිය අවස්ථාවේ දී එම නිවාසවල චතුර සේනාරත්න මහතාද සිට නැත.
චතුර සේනාරත්න මහතාගේ ජංගම දුරකතනය වෙනත් පුද්ගලයෙකුගේ දුරකථනයකට සම්බන්ධ යොමුකර ඇත.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ චතුර සේනාරත්න මහතා විසින් රාජිත සේනාරත්න මහතාගේ කට්ටි පැනීම් සංවිධානය කරමින් සිටින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements