Advertisement

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතා 58%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව කී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට අයත්ව තිබූ ‘‌පෙපර් කියුබ්’ නැමැති සමාගමකින් ලබා දී තිබූ මතවිමසුමක් හරහා සමස්ත එක්සත් ජාතික පක්ෂයම රැවටීමකට ලක් කර ඇති බවට ‌චෝදනා එල්ල වී ඇත.

ඊ‌යේ (02) එජාප ‌ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී ‌මේ බව සාකච්ජා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා‌ගෙන් කරුණු විමසීමටද තීරණය වී ඇත.

සජිත් ‌ප්‍රේමදාස මහතාට නාමයෝජනා ලබා දීමට ‌පෙර අවස්ථා කිහිපයකදීම එසේ පක්ෂය ‌වෙත මතවිමසුම් ප්‍රතිපල යැයි කියමින් ‌ලේඛන කිහිපයක් ඉදිරිපත් කර තිබූ හර්ෂ ද සිල්වා ඒ සෑම එකකින්ම සජිත් 58%ක ප්‍රතිශතය ඉක්මවා ගන්නා බව ප්‍රකාශ කර තිබිණ.

කෙසේවෙතත් නාමයෝජනා ලබා දීමෙන් පසුව හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළ පළමු මතවිමසුමේ දක්වා ඇත්තේ සජිත් ‌ප්‍රේමදාස මහතා 35%ක ප්‍රතිශතයකින් ජන්ද සටන ආරම්භ කරන බවකි.

ඒ අනුව හර්ෂ විසින් පක්ෂයට ඉදිරිපත් කළ මතවිමසුම් හරහා පක්ෂය බරපතළ රැවැට්ටවීමකට ලක් කර ඇති බවත්, ‌මේ සම්බන්ධයෙන් හර්ෂගෙන් කරුණු විමසා සිටීමටත් පක්ෂය තීන්දු කර ඇති බව දැනගන්නට අත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements