Showing posts with label 2020 General Election. Show all posts
ජුනි 01ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවිමට හැකියි
බොහෝ දුරට මැයි 23 මහ මැතිවරණය පැවැත්විය හැකියි - ජනපති
දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයා ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව දින කිහිපයක් තිස්සේම එම නීතිවේදීන් කණ්ඩායම නීති පොත් පෙරළ පෙරළා බලමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව සොයන්නට වූ අතර අවසානයේදී ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තවමත් වලංගු බවයි.
අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ජුනි 01 වැනිදාට ප්‍රථම මහ මැතිවරණය පවත්වා අවසන් කොට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි කියාය.
2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කෙසේවෙතත් එය ජනාධිපතිවරයා සතු තීරණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවත් එහි සාමාජිකයකු ලෙස දිගටම කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් වැඩිවීමේ ගැටළුව විසඳාගැනීම සඳහා ඇප මුදල් වැඩිකළ යුතු බවත් ඊට අදාළ පනත් කෙටුම්පත් සකස් කර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම විදෙස්ගතව සිටින පිරිස් සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට 2025 වනවිට අනිවාර්යයෙන්ම නීති සම්පාදනය කළ යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව මාර්තු 01 විසුරුවයි
ඉදිරි මාස තුනක කාල සීමාව තුළ නව රජයේ ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය තමන් බලාපොරොත්තුවන බවත්,මේ වසරේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදී යොදා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය
වැඩිදුරත් ඒ මහතා සදහන් කරනු ලැබුවේ මේ ආණ්ඩුව අපි පිහිටුවා තිබෙන්නේ මාස තුනකට වැනි කෙටිකාලයක් සඳහා බවයි. මාර්තු පළවෙනිදා වන විට බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරයි යනුවෙනි.
පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මස මුලදී විසුරුවා හැර, මහ මැතිවරණය අප්‍රේල් මස අගදී හෝ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දහනව වැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් වන අතර , ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව එය විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරකින් පසුවය.
2015 වසරේ අගෝස්තු මස 18 වැනිදා පැවැති මහමැතිවරණයෙන් තේරීපත් වූ වර්තමාන පාර්ලිමේන්තුවේ නිලකාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වේ. එහෙත් එම පාර්ලිමේන්තුවට ලබන වසරේ මාර්තු 1 වැනිදා වනවිට වසර හතර හමාර සම්පූර්ණ වන බැවින්, ඉන්පසුව එළැඹෙන ඕනෑම දිනයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________




