Advertisement

කලවාන ප්‍රදේශයේ සිතුවම් අදිමින් සිටි තරුණ කණ්ඩායමක පාසල් දරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 13 වැනිදා මෙම අනතුර සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැද්දාගල පිරිවෙන පාර, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ එච්.ආර්.ධනූෂ ලක්ෂාන් නැමති තරුණයෙකි.

මාර්ගය අසල සිතුවම් අදිමින් සිටියදී මාර්ගයේ පැමිණි මෝටර් රථයක් අදාල තරුණයා යටකරගෙන පලාගොස් ඇතැයි සිතුවම් අදිමින් සිටි පිරිස පවසයි. අනතුරින් පසු තරුණයා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

මෙම අනතුර සිදුකර ඇත්තේ පොතුපිටිය මිළිඳුතලාව පංසලේ හිමිනමක් බව ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර එම හිමිනම අත්අඩංගුවට ගෙන ජීවිතක්ෂයට පත්වූ දරුවාට යුක්තිය ඉටුකර දෙන පවසමින් ප්‍රදේශවාසීන් විසින් නිවිතිගල පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක ද නිරතව ඇත.

මේවන විට එම හිමිනමට සමාජ ජාලා තුල දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements