Advertisement

උදයජීව ඒකනායක කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ ක්‍රියා කලාපය එජාප නාගරික මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දැඩි ලෙස විවේචනය කර ඇත.

මේ හේතුවෙන් නගර සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විසින් එම නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් මාලාව ලබාදී තිබේ.

කොළඹ මහ නගර සභාවේ කටයුතු රජය විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම සඳහා සූදානම් වන බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි. මෙහිදී ඇතැම් නාගරික මන්ත්‍රීවරුන් ඍජුවම නගරාධිපතිනියට දොස් පවරමින් චෝදනා එල්ල කර තිබේ. නගර සභාවේ ආදායමද අඩුවී ඇති බව මෙහිදී හෙළිවිය. කෙසේ වෙතත් ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ තමන්ද ඍජුවම මෙය අධීක්ෂණය කරන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements