Featured News

Video Gossip

Advertisement

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

2019/05/ 31 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් අංක 2125/66 අනුව සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 කි. සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 කි. මෙම මිලට වඩා සම්බා සහල් සහ නාඩු සහල් අලෙවි කිරීම නීති විරෝධී වේ.

එහෙත් 2019/12/10 දින මහාපරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපතිලේකම්වරයා කරන ලද සාකච්ඡාවකින් පසු එකග වී ඇත්තේ සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 ක මුදලකටත් අලෙවි කිරීමටය. ඒ අනුව අද දින සිට සහල් මිල වැඩි කර ඇත. එසේ කර ඇත්තේ නීති විරෝධී ආකාරයටය. අපට ඇති පුදුමය නම් ජනාධිපති ලේකම්වරයා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවනොදැන සිටීමය.

කෙසේ වෙතත් සාමාන්‍ය නීති පසෙකලා නව රජය ව්‍යාපාරිකයින් සමග ඇති කරගෙන තිබෙන මෙම එකගතාවයට අප සංවිධානයේ විරෝධය පල කරන අතර ඉතා ඉක්මනින් උක්ත ගැසට්පත ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බල කරමු.

මෙවර මහ කන්නයේදී කුණු කොල්ලයට ගොවීන්ගෙන් ලබා ගත් වී මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් මේවන විට වෙළදපොලට මුදාහරිමින් සිටී. බොහෝවිට එම ව්‍යාපාරිකයින් මෙම වී මිලදී ගෙන ඇත්තේ රුපියල් 32.00- 35.00 අතර මිලකටය මෙම වී සදහා රජයේ සහතික මිල වන්නේ රුපියල් 41.00 කි.

සහල් සදහා වන මිල සූත්‍රය වන්නේ වී කිලෝ එකක මිල x 2.1 කි. ඒ අනුව සම්බා කිලෝ එකක් මහාපරිමාන සහල් ව්‍යාපාරිකයින්ට සිල්ලරට රුපියල් 68.00 ක හෝ රුපියල් 73ක මිලකට අලෙවි කල හැක. රජයේ සහතික මිල අනුව මිලදී ගත්තේ නම් රුපියල් 85.00 ක මිලකට අලෙවි කල හැක.

මේවන විට රජය විසින් මිලදී ගත් රතු කැකුලු මෙට්රික් ටොන් 20000 ක් ගබඩා තුල ගොඩ ගසා ඇත. මෙම අවස්ථාවේ එම සහල් සහන අලෙවි සැල් හරහා වෙළදපොලට නිකුත් කළේ නම් සහල් මිල පාලනය කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු එසේ තිබියදී මෙම රජය සහල් මාෆියා පාරිභෝගිකයා ගසා කෑමට ඉඩ දුන්නේ ඇයිද? යන්න සොයා බැලිය යුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements