Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා අතට පත් වීම වැළැක්වීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරමින් සිටින බව සජිත් පාර්ශවය චෝදනා කරයි.

ඒ අනුව ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා නායකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කිරීමට උපක්‍රමයක් භාවිත කරමින් ඇතැයිද එම කණ්ඩායමේ ප‍්‍රකාශකයෙන් සඳහන් කළේය.

අගමැති අපේක්‍ෂක වීමට නම් පක්ෂ නායකත්වයද සජිත් ප්‍රේමදාසට අවශ්‍ය බව සඳහන් කර තිබියදී ඒ සඳහා කල් ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය උපක්‍රමයක් අනුගමනය කරමින් සිටින බවත් කරු ජයසූරිය මහතා ඊට සහාය දෙමින් සිටින බව පෙනී යන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය අතිබහුතරයක් නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

දැනට පවතින කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අති බහුතර පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී වුවද මේ මස 31 වනදායින් නිල කාලය අවසන් වූ පසු එම පුරප්පාඩු සඳහා වික්‍රමසිංහ මහතා තම හිතවතුන් 20 දෙනකු පත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානමින් සිටින බවද එම ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements