Advertisement


කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.
මංගල, රනිල් ගේ ගෙදර ගිහින් !!!!
දැන් රනිල්ට ඕන පක්ෂ මහ ලේකම්කමත් වෙනස් කරන්න

ගිය සඳුදා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.

රනිල්ගෙන් හිස්වන පක්ෂ නායකත්වය සඳහා තමන් සමග රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන තරග කරන බවත් එහිදී අකිල කිව්වා.

නමුත් පුදුමයකට මෙන් කවුරුත් බලාපොරොත්තු වූ නවීන් දිසානායක මේ නායකත්ව පොරයේ හිටියේ නෑ. මේ ගැන මාධ්‍යවේදියෙක් අකිලගෙන් ප්‍රශ්න කළ විට අකිල කිව්වේ නවීන් මේ තරගයේ නැති බව. නමුත් මැතිවරණ සමයේදී නුවරඑළියේදී රනිල් ළඟ තියාගෙන නවීන් කිව්වේ රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනීමට තමන්ටද බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එහෙම කිව්ව නවීන් මෙච්චර ඉක්මනට පසු බැස්සේ ඇයි?
පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවක හිටි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
තමා විසින් ඒකපාර්ශවික පාර්ලිමේන්තුව රැස්කිරීමේ සූදානමක් පවතින බවට පල වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
එජාප නායකත්වයෙන් ඉවත් වන ‌ලෙසට පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන පීඩනය ඉහළ යාමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා ඊ‌යේ (04) දිනයේ නැවත වතාවත් කතානායක කරු ජයසූරිය මහතා මුණගැසී මුහුණට මුහුණ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ‌ගෙන ඇත.
ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා අතට පත් වීම වැළැක්වීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරමින් සිටින බව සජිත් පාර්ශවය චෝදනා කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ‌‌තෝරාගැනීම සදහා වන කමිටුව ලබන සදුදා රැස්වීමට නියමිත බව වාර්තා ‌වේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
පසුගිය දින කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවැති සාකච්ජා ‌මේ වනවිට තීරණාත්මක අවසානයක් කරා පැමිණ ඇති බව වාර්තා ‌වේ.
කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි.
එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් මන්ත්‍රීවරු බහුතර පිරිසක් විපක්ෂයේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බව නම් සඳහන් කිරීමට අකමැති වූ එජාපයේ මන්ත්‍රීවරයකු පැවසීය.

එසේ ස්වාධීනව අසුන් ගෙන කථානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙසට ඉල්ලීමක් සිදුකරන බව එම මන්ත්‍රීවරයා කීය.
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම, නායකත්වය සමඟ මෙන්ම අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වයත් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදිය යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් තීරණය කර ඇත. 
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙසපත් කරන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් බාර දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් අත්සන් කර ඇති මෙම ලිපිය මීට ටික වේලාවකට පෙර කතානායකවරයා වෙත භාරදී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අද දිනයේදී කතානායකවරාය වෙත ලිිඛිතව ඉල්ලීමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි ඉල්ලමිනි.

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා ගහන ගේම කොයි පැත්තෙන් හෝ ගහන බව මාතලේ නගරාධිපති (එ.ජා.ප.) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. නගරාධිපති නිල කාර්යාලයේදී පසඅගියදා (03) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඩල්ජිත් අලුවිහාරේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂකත්වය ලබානොදීම එක්සත් ජාතික පක්‍ෂය දියවී යෑමට හේතුවන බවද නගරාධිපතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝයල් කොලීජියෙන් ඉගෙනුම ලැබූ අයෙකි. කරු ජයසූරිය මහතා 80 විය ඉක්මවූ පරිණත දේශපාලනඥයෙක්. කථානායක කරුට ටූ ලේට්. රනිල් වික්‍රමසිංහ මහතා කලබල වෙන කෙනෙක් නොවෙයි. වෙලාවට සජිත් ප්‍රේමදාස මහතාට තැන ලබාදෙයි.
බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වූ විට ඇය පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කළාය. ඇය කීවේ කරත්ත රෝදය ඒ පැත්තට වගේම මේ පැත්තටත් කැරකෙන බවය. හැමදාම කරත්ත රෝදය එක පැත්තකට කැරකෙන්නේ නැතැයි ඇය කීවේ දැඩි අධිෂ්ඨානයකින්ය. ඇය එයින් අදහස් කළේ එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයත් විපක්ෂයත් මර්දනය කළා සේ කෙදිනක හෝ තමන් බලයට පත්වූ දිනක ජේ.ආර්.ගේ ආණ්ඩුව විපක්ෂයට ගොස් මෙලෙසම මර්දනය විය හැකි බවය.

ඇය කී කතාව හරිය. ලංකාවේ දේශපාලනය හරියට කරත්ත රෝදයක් වැනිය. 1947 සිට ලංකාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන අයකුට එය වටහා ගැනීම අසීරු නැත. බලයට පත්වී බලයෙන් මත්වී විපක්ෂය මර්දනය කරන හැමෝටම බලයෙන් පහවූ දිනක එකී වන්දිය ගෙවීමට සිදුවේ. සාමාන්‍යයෙන් බලයේ සිටි අයකු බලයෙන් පහ වන විට යළි බලයට පත්වන්නේ බලයේ සිටි නායකයාගෙන් මර්දනයට ලක්වූ අයෙකි. එලෙස මර්දනයට ලක්වූ ඔහු හෝ ඇය බලයට එන්නේම බලයෙන් පහවූ නායකයාට ද`ඩුවම් දීමටය. සමහරු මෙයට කියන්නේ ස්වභාවධර්මය කියාය. තවත් සමහරු කියන්නේ පව් පලදෙනවා කියාය. මොකක් වුණත් වෙන්නේ එකය.
ඉදිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී තිබේ.
සමාජයේ දිනෙන් දින වර්ධනයවන මනුෂ්‍ය ඝාතන, අපචාර ,මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් වැනිදේ මර්ධනය කිරීම සඳහා අයුක්තියට අසාධාරණයට මැරබලයට හිසනොනමන නිර්භිත නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ කාර්ය බලකායට තිබෙන ශක්තිය ගැන ජනතාවට විශාල තක්සේරුවක් ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

විනයගරුක සමාජයක් බිහිකිරීමට දිවිපරදුවට තබා දායක වන විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දිනක සිය දරු මුණුබුරන්ට පවා ආඩම්බරයෙන් සිහිකල හැකි ජාතික මෙහෙවරක නිරත වන බවද කථානායකවරයා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements