Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධූරයෙන් ඉවත් කර රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි. 

කුමාරසිංහ සිරිසේන මහතා වැටුප් හා දීමනා සියල්ල සමඟ මසකට රුපියල් මිලියන 20ක පමණ වැටුපක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ලබා ගෙන තිබූ අතර ජනාධිපතිවරයාගේ නියමය මත ටෙලිකොම් සභාපතිගේ වැටුප දැවැන්ත සංශෝධනයකට ලක්කිරීමට තීරණයක් ගෙන ඇති බව මිට ඉහත අපි වාර්තා කළෙමු. 

ඒ නව සභාපතිවරයාගේ වැටුප රුපියල් ලක්ෂ 2.5 දක්වා අඩු වීමට නියමිතය. 

කෙසේවෙතත් දන මතුව තිබෙන තත්ත්වය අනුව කුමාරසිංහ මහතා දව සංස්ථාවට මාරු කර යවන විට හිස් වන ටෙලිකොම් සභාපති පුටුවට යෝජනා වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කෙනෙකි. එනම් වාර්තා වන පරිදි ශමීන්ද්‍ර රාජපක්ෂය. ඔහු චමල් රාජපක්ෂ පුත්‍රයෙකු වන අතර ශෂීන්ද්‍ර රාජපක්ෂගේ බාල සොහොයුරාය. 

කෙසේවෙතත් රාජපක්ෂ පවුලෙන්ම කර තිබෙන මෙම යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විරෝධය දක්වමින් සිටින අතර වාර්තා වූ අන්දමට ඔහු අවධාරණය කර තිබෙන්නේ පවුලේ කිසිදු අයෙක් මෙවැනි තනතුරු සඳහා පත් නොකළ යුතු බවයි. 


එහෙත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුර ශමීන්ද්‍ර රාජපක්ෂට ලබා දිය යුතු බවට පවුල තුළින් අවධාරණය වෙමින් පවතින බවද සඳහන්. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම විරෝධය සමනය කිරීම සඳහා රාජපක්ෂ පවුලම මැදිහත් වී සිටින බවද වැඩිදුරටත් වාර්තා විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements