Featured News

Video Gossip

Advertisement

චීන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට හැකි එන්නතක් සොයා ගැනීම සඳහා 'අලිබබා' ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ජැක් මා දැනට චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41.8 වන බව ගණන් බලා තිබෙනවා.

ලොව විශාලතම අනතර්ජාල වෙළෙඳපොළ වන Alibaba හි නිර්මාතෘවරයා වන්නේ ජැක් මා. 

කෙසේ වෙතත් අන්තර්ජාල වෙළෙඳාමේ දැවැන්තයන් වන ජැක් මා සහ ඇමසන් ව්‍යාපාරයේ නිර්මාතෘ ජෙෆ් බොසොස් බිලියන ගණනක වත්කම් වලට හිමිකම් කියමින් ලෝක ව්‍යසනයන්හිදී සොච්චම් මුදලක් පමණක් පරිත්‍යාග කරන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනවා.

මොවුන් දෙදෙනාම තම කලාප වල මාධ්‍ය ආධිපත්‍යද තහවුරු කරගෙන සිටිනවා.

ජෙෆ් බොසොස් හට වොෂිංටන් පෝස්ට් මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය පවතින අතර ජැක් මා South China Morning Post හිමිකාරීත්වය දරණවා.

මෙම ආයතන දෙකම තම සේවකයන්ට නිසි සැලකිල්ලක් නොදක්වන බව ප්‍රසිද්ධ කාරණයක් වීම මෙම චෝදනා වලට තවත් රුකුලක් වී තිබෙනවා.

ඩොලර් බිලියන 117ක වත්කම් සහිත ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිණි ව්‍යසනයට ආධාර වශයෙන් ලබා දී තිබුණේ ඩොලර් 690 000ක් පමණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements