Featured News

Video Gossip

Advertisement

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 130 ක මුදලක් එම රජය ගෙවා නැතැයි ඇමැති බන්දුල ගුණවර්ධනමහතා පවසනවා.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

“ආණ්ඩුවක් ලෙස විශාල මූල්‍ය අර්බුදයක අපි ගමන් කරන්නේ. නොවැම්බර් 16 වැනිදා ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් වුණාට පාර්ලිමේන්තුව මුදල් වැය කරන්නේ අතුරු සම්මත ගිණුම අනුව. අතුරු සම්මත ගිණුමෙන් පාර්ලිමේන්තුව වෙන්කර තිබෙන මුදල හැර වෙන සතයක්වත් වැඩිපුර දැරීමට නීත්‍යනුකූල අයිතියක් භාණ්ඩාගාරයට නැහැ.

ඒ නිසා අවශ්‍ය ලෙස ණය අරන් වියදම් කරන්නත් බැහැ. අතුරු සම්මත ගිණුමෙන් ණය ලබා ගැනීමේ උපරිම සීමාවක් නියම කරලා තියෙනවා. මේ වන විට දිනපතාම මහජන නියෝජිතයන් ළඟට ගෙවල නැති මුදල් ඉල්ලාගෙන කොන්ත්‍රාත්කරුවෝ, සැපයුම්කරුවෝ පැමිණෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය රජය විසින් ක්‍රියාත්මක ගම්පෙරළිය, ළඟම පාසල-හොඳම පාසල, පොහොර, බෙහෙත් ගෙන ඒම යනාදිය සඳහා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 130 ක් ගෙවල නැහැ. මෙය ඒ වර්ෂයේ වෙන් වෙච්ච ප්‍රාග්ධන වියදමෙන් හතරෙන් එකක් විතර. ලබන පාර්ලිමේන්තු සතියේදී අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කොට මේ මුදල් ටික ගෙවීම සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටිමින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න සිද්ධවෙලා තියෙනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements