Advertisement

පස් හා වැලි ප්‍රවාහනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් නතර කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කැබිනට් ඇමැතිවරු 16 දෙනාම වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කරමින් ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණයේ රිට් නඩුවක් ගොනු කර තිබෙනවා.

1992 අංක 33 දරන පතල් හා ඛනිජ සම්පත් පනතට ප්‍රකාරව පැවති පස් හා වැලි ප්‍රවාහනය සඳහා පැවති බලපත්‍ර ක්‍රමයට ඉකුත් වසරේ (2019) දෙසැම්බර් මස 04 වැනිදා ගත් කැබිනට් තීරණයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බව වාර්තා වනවා.

මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නිසා වැලි ප්‍රවාහනය සහ කැණීම් වැඩිවී ඇති බවත් අදාළ පෙත්සමේ සඳහන්.

අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස කැබිනට් ඇමැතිවරුන් 16 දෙනකු, භූවිද්‍යා හා පතල් කාර්යාංශය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා නම්කර ඇති අතර මෙහිදී පොලිස්පතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ නඩුවේ සඳහන් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements