Featured News

Video Gossip

Advertisement

අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා අභ්‍යාසලාභී ගුරුවරියගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකාරියට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඇය යටත් කළ විනිසුරුවරයා විත්තිකාරිය අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 02 ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.

දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

විත්තිකාරියට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකාරියට අදාළ දඩුවම නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ නිකවැරටිය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කළ රෝහිණී වසන්තා කුමාරිහාමි නමැත්තියටය.

2011 ජුනි මස පළමුවැනිදාත් ජුලි මස පළමුවැනිදාත් අතර කාලයේ නිකවැරටිය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කරමින් සිටියදී අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා ඇගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements