Advertisement


රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මාසයකට රුපියල් මිලියන දෙසිය පනහක් (250) වියදම් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කටයුතු කරනු ලබන්නේ පාර්ශව තුනක් විසින් අත්සන් කල ලිපියකට අනුව බවත් මෙය නීතිවිරෝධී ලියවිල්ලක් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට අද (23 දා) පැමිණිලි කල බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වංචාව එළිපිටම සිදුවන මේ නිසා ඒ පිලිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ඉල්ලා සිටි බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements