ඒ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද(15) පස්වරු 1.00 ට පමණ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රැගෙන ගියේය.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්විය.
එවැනි පසුබිමක අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පස්වරුවේ ලබා දුන් උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.
එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ අතර පසුව අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ලැබීය.

