Advertisement

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) රාජකාරි ආරම්භ කළහ.

ප්‍රථමයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන් පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ඔහු තම කාර්‍යාලයේදී ලිපිවලට අත්සන් තබමින් රාජකාරී ඇරඹිය.

ඉන්පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්‍යාලයට ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් පිළීගැනීමෙන් පසු, ඔහු ද ලිපි වලට අත්සන් තබා රාජකාරි ඇරඹීය.

මේ අවස්ථාවන්ට රජයේ මැති ඇමතිවරු ,මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරිහූ හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements