Advertisement

හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි සිවු හැවිරිදි දරුවකු මහප්පාගේ නිවෙසෙහි වැසිකිළි වළට වැටී මියගිය පුවතක් හෙට්ටිපොළ පොලිස් වසමෙන් වාර්තා වනවා.

හෙට්ටිපොළ පොලිස් වසමෙහි මදුල්ල බෝගහවත්ත ප්‍රදේශයෙහි පදිංචිව සිටි ඩබ්ලිව්.ඵම්. තනිත් රනත්සර සංජීව නමැති සිවු හැවිරිදි දරුවකු පසුගියදා (07දා) මෙලෙස මිය ගොස් තිබෙනවා.

මෙම වසරේ මෙම දරුවා පෙරපාසලට ඇතුළත් කිරීමට මවුපියන් තීරණය කර ඇති අතර එහි ආරම්භක උත්සවය පෙරේදා (08දා) දිනට නියමිතව තිබුණා.

එම උත්සවය සඳහා මෙම මවුපිය යුවළ කේක් දීමට භාරගෙන ඇති නමුත් කේක් සහ දරුවාට පාසලට ගෙනයෑමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නිවෙසෙහි නොතිබීම හේතුවෙන් ඒ සඳහා මුදලක් ණයට ඉල්ලා ගැනීමට මව වන ඩබ්ලිව්.ඒ. ඉරේෂා සංදර්ශනී (26) මහත්මිය අසල්වාසී නිවෙසකට ගොස් සිටි අවස්ථාවේදී මෙම දරුවා වැසිකිළි වළට වැටී මියගොස් තිබෙනවා.

මියගිය දරුවාගේ නිවෙසට යාබදව දරුවාගේ මහප්පාගේ නිවෙස ඇති අතර එම නිවෙසෙහි අලුතින් ඉදිකරමින් තිබූ වැසිකිළි වළකට දරුවා වැටී සිටියා.

අසල්වැසියකු දරුවා ගොඩට ගෙන හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බව වාර්තා වනවා.

මියගිය දරුවාගේ පියා වන ඩබ්ලිව්.එම්. දිනේෂ් සංජීව මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

“දරුවෝ දෙන්නයි මමයි, බිරියයි තමයි නිවෙසේ ඉන්නේ. දරුවෝ දෙන්නත් හොඳින් බලාගෙන ඉන්න කියලා මම වැඩට ගියා. මෙම වසරේ දරුවා පෙරපාසල් යවන්න කියලා සූදානම් වෙලා හිටියේ. අටවැනිදා තමයි පුතා ඉස්කෝලෙට යන පළමුවැනි දවස. ඵදාට තියෙන උත්සවයට අපි කේක් භාරගත්තා. ගෙදර සල්ලි නැති නිසා නෝනාට කිව්වා ළඟ ගෙදරකින් ඉල්ලගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. නෝනා ගෙදරින් ගිහින් තියෙන්නේ ඒකට. ඵ් වෙලාවේ තමයි සෙල්ලම් කරමින් ඉඳිද්දි පුතා මේ වළට වැටිලා තියෙන්නේ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements