Advertisement

රත්ගම පොළ පිටුපස මුහුදේ මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටියදී පෙරේදා (11 ) පෙරවරු 10.30ට පමණ මුහුදු රළකට හසුව ගසාගෙන යමින් සිටි 14 හැවිරිදි දරුවකු රත්ගම පොලිසියේ රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයකු විසින් බේරාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරට මුහුණපා ඇත්තේ රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ පදිංචි මාලිම්බඩ විදානලාගේ ලක්‍ෂාන් දිලිප් කුමාර නමැති දරුවෙකුයි. ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

මෙදින මොහු තම නිවුන් සොහොයුරා හා තවත් මිතුරන් තිදෙනකු සමග රත්ගම පොලිසිය හා පොළ පිටුපස මුහුදේ දිය නාමින් සිටියදී ඔහුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා.ඔහුගේ මිතුරකු රත්ගම පොළ අසල එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට මේ බව දැනුම්දී ඇති අතර එම අවස්ථාවේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු තවත් නිලධාරියෙකු සමග එම ස්ථානයට දිවගොස් මුහුදේ ගසාගෙන යමින් සිටි මෙම දරුවා බේරාගැනීමට කටයුතු කර තිබුණා.

පොලිස් සැරයන් කනකරත්න එම අවස්ථාවේ තමා ලද අත්දැකීම් මෙසේ සඳහන් කළා.

“ මම එදින රත්ගම පොලිසිය ආසන්නව තිබෙන රත්ගම සති පොළෙහි රාජකාරි කරමින් සිටියේ. එම ස්ථානයට දුවගෙන ආ පුද්ගලයකු ළමයෙක් මුහුදේ ගසාගෙන යන බව මා හට පැවසුවා. ඒ වේලාවේ මා එතන සිටි තවත් රාලහාමි කෙනෙක් සමග එතනට දිව ගියා. ඒ යනකොට පිරිසක් මුහුද දිහා බලාගෙන කෑගසමින් සිටියා. මුහුදේ මීටර් 200 පමණ ඇතින් කෙනෙකු ගසාගෙන යන ඡායාව මා දැක්කා. මා ක්‍ෂණිකව නිල ඇඳුම් ගලවා දමා පීනාගොස් දරුවා බේරාගෙන ගොඩට රැගෙන ආවා. එම අවස්ථාවේ පොළට පැමිණ සිටි දොස්තර මහත්මයෙක් දරුවාට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කළා. පසුව ඔහු ගිලන් රථයකින් කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements