Advertisement

ජනමාධ්‍ය මැදිහත් වීමෙන් පවත්වන රියැලිටි තරග, ටෙලිනාට්‍ය, වෙනත් වැඩසටහන්, එළිමහන්, ගෘහස්ථ ප්‍රසංග සහ විවිධ ප්‍රසංග යනාදිය සඳහා ඉදිරිපත් වන දරුවන්ට මුහුණ දීමට සිදු වන ලිංගික හා ලිංගික නොවන, අහිතකර මානසික හා ශාරීරික බලපෑම් ගැන අධීක්ෂණය කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය, රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

අදාළ ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍රධාන අංගයක් ලෙස රියැලිටි වැඩසටහන් ඇතුළු දරුවන් යොදා ගනිමින් පවත්වන වැඩසටහන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පියවර ගන්නා බවද, ඔවුන් සඳහන් කළා.

රියැලිටි තරග හා එළිමහන් වැඩසටහන්වලදී දරුවන් හසුරුවීම පිළිබඳ මාර්ගෝපදේශනයක් ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සකස් කිරීමට බලාපොරොත්තු බවත් එසේම රියැලිටි වැඩසටහන්වලදී දරුවන් හසුරුවිය යුතු ආකාරය පිළිබඳව විනිශ්චය මණ්ඩලය හා සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මියද පැවසුවාය.

මේ අතර පසුගිය ඔක්තෝබර් මසදී කැබිනට් මණ්ඩලයෙන් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුමැතිය හිමි වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements