Advertisement

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය අද (03දා) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ ආසනය වෙනුවට වෙනත් ආසනයක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇතැයි  වාර්තාවේ.


පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්කර ඇත. 

එමෙන්ම විපක්‍ෂයේ අනිකුත් පළමු පෙළේ ආසන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනිකුත් පක්‍ෂ නායකයන්, දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නායකයන් සහ ජනතා විමුක්ති පෙමුණේ පක්‍ෂ නායකයන් වෙනුවෙන් වෙන්කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

ගෝඨාභය රාජක්‍ෂ මහතාගේ ජනාධිපතීත්වයෙන් යුතු ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු සැසිවරය ලෙස අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද (03දා) ආරම්භ වීමට නියමිත අතර, එහිදී ත්‍රිවිද හමුදා උත්තමාචාර නොමැතිව සැසිවාරය ආරම්භ වීමට නියමිතය.

ත්‍රිවිද හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර නොපවත්වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසින් එම උත්තමාචාර නොපවත්වන අතර, අනිකුත් සාම්ප්‍රදායික පිළිගැනීම් පවත්වන බව පාර්ලිමේන්තු ආරංචිමාරග පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති අතර, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ඊයේ (02දා) පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සිට ආණ්ඩු පක්‍ෂයට එක්වූ අතුරලියේ රතන හිමියන්ට ආණ්ඩු පක්‍ෂයේ පළමු පෙළේ ආසනයක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට විපක්‍ෂයට සහය දක්වන කුමාර වෙල්ගම මහතාට විපක්‍ෂයේ දෙවන පෙල ආසනයක්ද වෙන්කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) පෙරවරු 10.00ට උත්සවාකාරයෙන් ආරම්භ වීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකශනය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබෙන අතර, යළි පස්වරු 01.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements