Advertisement

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් මෙරටට එවීමට සිංගපූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන නාහිමියන් කටයුතු කර තිබෙනවා.
ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදි තිබුණා.

දැනට සිංගපූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථාන විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙනවිත් මෙරටට එවන ලබන ආකාරයේ ජායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථාන විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් පැවසූවේ මෙරට තුළ පවතින මුඛ ආවරණ හිඟය හේතුවෙන් කඩිනමින් මුඛ ආවරණ මෙරටට එවීමට සිංගපූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර් ය කරදෙටියන ගුණරතන නාහිමියන් හා තමන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කටයුතු කළ බවයි.

මේ වනවිට මෙරට මුඛ ආවරණ හිඟයක් ද ඇති අතර ඇතැමුන් වැඩි මිලට විකිණීම සිදු කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements