Advertisement

මැද පෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා සේවයේ යොදවන ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

තරුණ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුවෙන අතර මේ පිටුපස ප්‍රධාන පෙළේ විදේශ රැකියා ඒජන්සි රැසක්ම සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

තරුණියන් විදේශගත කිරීමේදී ඔවුන්ට සැබෑ තත්ත්වය වසන් කොට කාර්යාලයීය සේවයට හා ගෘහ සේවයට ඔවුන් යොමු කරන බව පැවැසුවද ඇත්ත වශයෙන්ම ඔවුන් මාස තුනක කාලයක් සඳහා ලිංගික සේවයට යොමු කිරීමක් මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග රැකියා සඳහා යැයි පවසා තෝරා ගන්නා කාන්තාවන් සංචාරක වීසා මත මැදපෙරදිග රටවලට යැවීම සිදුවන අතර එලෙස තෝරාගන්නා කාන්තාවන්ගේ සියලු වියහියදම්ද දරන්නේ අදාළ රැකියා ඒජන්සි සහ තැරැව්කරුවන් විසින්ය.

ඒ අනුව බැලූ බැල්මට එම කාන්තාවන්ට මේ සඳහා පෞද්ගලිකව වියදමක් දරන්නට සිදුවන්නේ නැත.

මෙසේ කූට අන්දමින් මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව්කරුවන්ට හසුවූ කාන්තාවන් 80ක් පමණ ඕමාන්වලද, 50ක් පමණ ඩුබායිවලද සිටින බවට වාර්තා වනවා.

මේ ආකාරයට මැදපෙරදිගට යවන එක් කාන්තාවක් වෙනුවෙන් තැරැව්කරුවකුට රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක්ද ගෙවන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ අංශ වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements