Advertisement

කිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ සඳහන් කළා.

“කොරෝනා වෛරසය පිළිබඳව විශාල භීතිකාවක් දරුවන් හා දෙමව්පියන් අතර තිබෙනවා.විශේෂයෙන් පමණට වඩා ජනතාව බිය ගැන්වෙන ව්‍යාපාරයක් තිබෙන බව සාකච්ඡා වුණා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තත්ත්වය අවබෝධ කරගෙන පූර්ණ ලෙස මැදිහත්වෙලා කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා.

කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට උපදෙස් ලබාදී නෑ. දරුවන්ට මුඛ ආවර්ණ පැළදගෙන එන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙලා තිබෙනවා, එය නරක දෙයක්.එවැනි නියමයක් දැනට නෑ. අවශ්‍යතාවයක් තිබෙනවා නම් එවැනි නියමයක් කරනවා. පාසල් වැසීමට තීරණයක් කර නෑ.

රජය වශයෙන් චීනයේ හා ශ්‍රී ලංකාවේ තනාපතිවරු සාකච්ඡා කරලා, පැමිණීමට අවශ්‍ය කරන සිසුන් ලංකාවට සහන ගාස්තු යටතේ ලංකාවට ගෙන්වා ගැනීමට විධිවිධාන සළස්වා තිබෙනවා.

නිරන්තරයෙන් එරට සිටින සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා. දැනට මේ අංශයේ රටේ ජනතාවට හා දෙමව්පියන්ට අවධාරණය කරන්නේ දරුණු වසංගතයක් නම් ක්ෂණිකව මාධ්‍ය හරහා තොරතුරු නිකූත් කරනවා. වැරදි ප්‍රචාර සම්බන්ධයෙන් බිය විය යුතු නෑ කියලා අවධාරණය කරනවා”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements