Advertisement

විනිසුරුවන් කතා කළේ මටයි
නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නතරවී සිටීමට මම සූදානම්


තමාට විනිසුරුවරුන් දුරකථන ඇමතුම් ලබාදුන්නා මිස තමා කිසිම දිනක කිසිම විනිසුරුවරයෙකුට දුරකතන ඇමතුම් ලබාදී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතා ඊයේ (29 ) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් කරමින් අධිකරණයට සඳහන් කළා.

විනිසුරුවරුන් සමග පමණක් නොව සමාජයේ ඉහළ තලවල සිටින සුවිශේෂී පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් සමග දුරකථන මගින් සිදු කළ සාකච්ඡා ඇතුළත් දුරකථන ඇමතුම් එක්ලක්‍ෂ විසිහතර දහසක හඬපට තමන් සතුව ඇතැයි පැවසූ රන්ජන් රාමනායක මහතා එකී හඬපට අතරින් කිහිපයක් විකෘති කර එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ප‍්‍රචාරය කිරීම නිසා මෙවන් තත්ත්වයක් උද්ගත වූ බවද කියා සිටියා.

තමාට ඇප ලබා දෙන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නතරවී සිටීමට හෝ තමන් සූදානම් බවද පැවසූ සැකකාර මන්තී‍්‍රවරයා තමාට හිමි මන්තී‍්‍ර වරප‍්‍රසාද නිසා ඕනෑම සුවිශේෂී පුද්ගලයෙකු සමග කතා කිරීමේ හැකියාව ඇති බවද කීය.

ඇප ලබාදුනහොත් සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බව පැමිණිල්ල පෙන්වා දෙන්නේත් එකී කාරණය නිසාම වන බව අතිරේක මහෙස්ත‍්‍රාත් එම්. යූ. කේ. පැල්පොල මහතා එහිදී පැවසීය.

එම නඩුව ඊයේ (29දා) කැඳවූ අවස්ථාවේදී සැකකාර රන්ජන් රාමනායක මහතා එක්තරා විනිසුරුවයකු සමග 18 වතාවක් දුරකථන මගින් සම්බන්ධවී ඇති බව පෙන්වා දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි රන්ජන් රාමනායක මහතා අත ඔසවමින් තමාට ප‍්‍රකාශයක් කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එකී අවසරය ලබාදීමටත් පෙර ඔහු පෙරකී කරුණු අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළා.

සැකකරු එම කරුණු දැක්වීමට සූදානම් වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එකී ප‍්‍රකාශය සිදු නොකරන ලෙස ඔහු දැනුවත් කළ නමුත් එය නොතැකූ සැකකරු එකී ප‍්‍රකාශය කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements